140 වන මැයි දින සමරුවට රොද බඳිමු පෙළ ගැසෙමු!
චිකාගෝව ලෙයින් තෙත් කරමින් ඇරඹුණු වැඩකරන ජනතාවගේ දවස අදයි
මාලිමාව – ‘ජනරජයට ජන බලයක්’
සජබ-‘පච මදිවට හොරු එළවන මැයි රැලිය’
ශ්‍රී.ල.නි.ප.-‘දූෂිත ආණ්ඩුවට
එරෙහි ජන බලයක්’
පෙරටුගාමී – ‘අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි ජන බලයක්’
සර්ව ජන බලය – දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන්
සාමය හා ආරක්‍ෂාව රැක ගැනීමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කරයි
විකල්ප මාර්ග භාවිත කරන්න – ජනතාවට දන්වයි
පැය 08 ක සේවා වැඩ මුරයක් ඉල්ලූ වැඩකරන කම්කරුවන් නිහඬ කරවීමට ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී එදා සිදු කළ අමානුෂික ප්‍රහාරය මැද ඔවුන් හෙලූ රුධිරයෙන් මහ පොළොව තෙත්වෙමින්, ඔවුන්ගේ සුසුම් වා තලයට මුසුවෙමින් ඇරඹුණු ලෝක මැයි දින සැමරුම 140වන වරටත් මෙරට වැඩකරන ජනතාව අද සමරති.
ඒ නිමිත්තෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි දින රැස්වීම් සහ පෙළපාලි 13ක් පැවැත්වෙන බවත් පිට පළාත්වල පැවැත්වෙන රැස්වීම් හා පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් විසින් ආරක්‍ෂාව සහ රථවාහන පාලනය සිදුකරන බවත් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා පවසයි.
මෙහිදී පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්, යතුරුපැදි සංචාර, නිල සුනඛ සහාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යෙදවීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.
ජාතික ජන බලවේගය ‘ජන රජයට ජන බලයක්’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී සහ මහරගමදී ද, සමගි ජන බලවේගය පක්‍ෂය ‘පච මදිවට හොරු එළවන විපක්‍ෂයේ මැයි රැළිය පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ද පවත්වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය ආගමික වතාවත්වල නිරත වේ. “අධීරාජ්‍යවාදී මිලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක්” තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සවස 3.00ට හයිඩ් පිටියේදී රැස්වීම පැවැත්වේ. ‘දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.
මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි හෙතෙම පවසයි.
කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්තීය සංවිධානවලට අයත් රැළි හා පෙළපාලි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි වේ.
මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ඇති පොදු රථ ගාලේ සවස 5.00ට පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම,
මෙම රැස්වීම හේතුවෙන් මහරගම පොලිස් වසම අවට පහත සඳහන් මාර්ගයන් වල යම් අවහිරතාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹින් පිටවන වාහන
කොළඹ දෙස සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්තනපිටිය හන්දියෙන් වමට හරවා බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරී මහරගම ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී හෝමාගම දෙසට ගමන් කළ හැකිය.
දෙල්කඳ හන්දිය, ගම්සභා හන්දියෙන් දකුණට හැරී පැපිලියාන හන්දියට ගමන් කර වමට හැරී බොරලැස්ගමුව හන්දියට ගොස් හෝමාගම දෙසට ගමන් කළ හැකිය.
කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර වමට හැරී මහරගම ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී හෝමාගම දෙසට ගමන් කළ හැකිය.
කොළඹට ඇතුළුවන වාහන
හෝමාගම දෙස සිට පැමිණෙන සියලුම රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර වමට හැරී කොහුවල හරහා කොළඹ දෙසට ගමන් කළ හැකිය. (120 මාර්ගය)
හෝමාගම දෙස සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර තලවතුගොඩ, කිඹුලාවල, ජපන් මිත්‍රත්ව පාලම, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ රාජගිරිය හරහා කොළඹට ඇතුළු විය හැකිය.
රථවාහන තදබදය අධික වුවහොත්
හංවැල්ල පොලිස් වසමේ පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් පාරට ඇතුළු කිරීමට රථවාහන වලට හැකියාවක් නොමැති අතර එම රථවාහන ලෝලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකිය.
මාලිගාවත්ත පී. ඩී. සිරිසෙන ක්‍රීඩාංගණයේ සවස 3.00ට පැවැත්වෙන සමගි ජන බලවේග මැයි දින රැස්වීම සඳහා පැමිණෙන
බස් රථ ගාල් කිරීම
ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාර, ඔරාබිපාෂා මාවත, සංඝරාජ මාවත, සුමනතිස්ස මාවත සහ ජෝර්ජ් ආර් ද සිල්වා මාවත, බ්ලූමැන්ඩල් පාර, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ඇප්රොච් පාර, අඩි 100 පාර, බේස්ලයින් පාර, බණ්ඩාරනායක හන්දියේ සිට ධර්මාරාම පාර හන්දිය දක්වා, සද්ධර්ම මාවත, අලුත් මාවත, මැටි පාර්ක්. මිල්ටන් පෙරේරා මාවත,
සැහැල්ලු වාහන ගාල් කිරීම
බොරැල්ල කැම්බල් පිටියේ සවස 3.00ට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැස්වීම සඳහා පැමිණෙන බස් රථ ගාල් කිරීම
බේස්ලයින් පාර, දෙමටගොඩ හන්දියේ සිට බන්ධනාගාර හන්දිය දක්වා, ජේ. ඩී. ප්‍රනාන්දු මාවත, සිරිධම්ම මාවත, මරදාන පාර, වෝඩ් පෙදෙස, ඇල්විටිගල මාවත.
සැහැල්ලු වාහන ගාල් කිරීම
ලෙස්ලි රණගල මාවත, කැම්බල් පිටිය අසල
කොම්පඤ්ඤවීදිය හයිඩ් පාර්ක් පිටියේ සවස 3.00ට පැවැත්වෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂ මැයි දිනරැස්වීම
පෙළපාලිය ගමන් කරන මාර්ගය:- හයිඩ් පාර්ක් පිටියෙන් ගමන් ආරම්භ කර මරදාන පාර, ඩීන්ස් පාර, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, යූනියන් පෙදෙස, ඉබ්බන්වල හන්දිය ඔස්සේ හයිඩ් පාර්ක් පිටිය දක්වා
බස්රථ ගාල් කිරීම
වොක්ෂොල් වීදිය, යූනියන් පෙදෙස, වේල්ලවීදිය, ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණය (සෝන්ඩර්ස් පිටිය).
ලංකා බැංකු සේවක සංගමය සහ නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය මැයි දින රැස්වීම පෙළපාලිය ගමන් කරන මාර්ගය:-
කොටුව ලේක්හවුස් ඉදිරිපිටින් ගමන් ආරම්භ කර ඕල්කට් මාවත, ගුණසිංහපුර හන්දිය, සෝන්ඩර්ස් පෙදෙස, ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණය (සෝන්ඩර්ස් පිටිය) දක්වා බස්රථ ගාල් කිරීම මධ්‍යම පාර, බෝධිරාජ මාවත, අඩි 100 පාර.
බොරැල්ල, කොටා පාර (එන්.එම්. පෙරේරා මාවත) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී ජනතා පෙරමුණ මැයි දින රැස්වීම
පෙළපාලි ගමන් කරන මාර්ගය:- ආයුර්වේද හංදිය සිට කාසල් වීදිය, මොඩ්ල්ෆාම් හන්දිය, ඩී.එස්. හන්දිය, බොරැල්ල හන්දිය, කොටා පාර (එන්.එම්. පෙරේරා මාවත ඔස්සේ බස්රථ ගාල් කිරීම – කොටා පාර, දුම්රිය හරස් පාර සිට ආයුර්වේද හන්දිය දක්වා. සැහැල්ලු වාහන ගාල් කිරීම – කොටා පාර, දුම්රිය හරස් පාර දක්වා.
බොරැල්ල පාර්ක් ඇවනිව්.
සර්වජන බලය පක්ෂ මැයි දින රැස්වීම
බස්රථ ගාල් කිරීම – කිංසි පෙදෙස (නන්දදාස කෝදාගොඩ මාවත) සැහැල්ලු වාහන ගාල් කිරීම පාර්ක් ඇවනිව් බාලාතම්පෝ පටුමග පිහිටි ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය මැයි දින රැස්වීම පෙළපාලිය පෙරවරු 9.00ට
පෙළපාලිය ගමන් කරන මාර්ගය:- බාලාතම්පෝ පටුමග පිහිටි සංගම් මූලස්ථානයේ සිට ගාලු මුවදොර වටරවුම වෙත පැමිණ ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය වෙත ගමන් කර නැවත ගාලු පාර ඔස්සේ සංගම් මූලස්ථානය වෙත.
බස්රථ ගාල් කිරීම
වෙරළ පාර, කොල්ලුපිටිය දුම්රියපළ පාර හන්දිය සිට බම්බලපිටිය දෙසට රොටුන්ඩා වටරවුම.
ටී.බී. ඉලංගරත්න පිළිරුව අසල පොදුජන පෙරමුණ සහ ටී.බී. ඉලංගරත්න සහෘද සංසදය මැයි දින රැස්වීම
බස්රථ ගාල් කිරීම
පෙරහැර මාවත, රොටුන්ඩා හන්දිය සිට අල්විස් පෙදෙස හන්දිය දක්වා සැහැල්ලු වාහන ගාල් කිරීම – පෙරහැර මාවත, රොටුන්ඩා හන්දිය අසල රථ ගාල.
කොටා පාර එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය අසල ගුරු විදුහල්පති ජාතික බලවේගය මැයි දින රැස්වීම.
සැහැල්ලු වාහන ගාල් කිරීම – කොටා පාර එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය ඉදිරිපිට.
කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (කම්කරු පූජාව)
ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය මැයි දින රැස්වීම
පෙළපාලිය ගමන් කරන මාර්ගය:- ශාන්ත මයිකල් දෙවස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වී හඩ්සන් පාර, නෙල්සන් පටුමග, ධර්මකීර්තියාරාම පාර, කාමල් පාර, කැමරන් පෙදෙස ඔස්සේ නැවත දේවස්ථානයට පැමිණීම.
බස්රථ ගාල් කිරීම – පෙරහැර මාවත, අල්විස් පෙදෙස හන්දිය සිට ජේම්ස් පීරිස් මාවත දෙසට.
සර්ව ජන බලය පක්ෂයේ මැයි දින රැලිය පෙරවරු 10.00ට කිරුළපන හෙන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
කොස්ගස් හන්දිය අසල එක්සත් සමාජවාදී පක්ෂ මැයි දින රැස්වීම
පෙළපාලිය ගමන් කරන මාර්ගය:- ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසලින් පිටත්ව ඔරුගොඩවත්ත හන්දිය ස්ටේස් පාර ඔස්සේ කොස්ගස් හන්දිය දක්වා.
සැහැල්ලු වාහන ගාල් කිරීම –
වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර)
මීට සමගාමීව ජාතික ජනබලවේගය පක්ෂය දිස්ත්‍රික්ක 21ක් කේන්ද්‍ර කර ගනිමින් රැස්වීම් පැවැත්වෙන අතර එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනසීටා ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට රැස්වීමක් පැවැත්වේ.
ජාතික ජනබලවේගය පක්ෂයේ මහරගම රැස්වීම සඳහා දෙල්කඳ හන්දියෙන් පෙළපාලිය සවස 3.30ට ආරම්භ වේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදී රැලිය සවස 5.00ට පැවැත්වේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගරයේදී රැලිය සවස 3.00ට ද තංගල්ලදී සවස 5.00ටද පැවැත්වේ. අනෙකුත් දිස්ත්‍රික් රැලි පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
චමින්ද සිල්වා, සිරිමන්ත රත්නසේකර, නෝමන් පලිහවඩන
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026