රයන් රිකිල්ටන් පන්දු 55කින් නොදැවී ලකුණු 123ක් රැස්කරමින් මුම්බායි ඉනිමට ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කර දුන්නද, එයට නොදැවෙනි ඉනිම් දෙකක් දියත් කළ ට්‍රැවිස් හෙඩ් සහ හෙන්රිච් ක්ලාසන් ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41වන තරගය වූ මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගත් සන්රයිසස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ද තහවුරු කර ගැනීමට සමත්විය.
පෙරේදා (29 දා) මුම්බායි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 හමුවේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුවද, පිළිතුරු ඉනිම දියත් කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 249ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ රයන් රිකිල්ටන් පන්දු 55කින් නොදැවී ලකුණු 123ක්, විල් ජැක්ස් ලකුණු 46ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 31ක් ලැබීය.
පන්දු යැවීමේදී පර්ෆුල් හන්ග් ලකුණු 54කට කඩුලු 2ක් දවාලීය.
සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 76ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 65ක් සහ අභිෂේක් ශර්මා ලකුණු 45ක් ලැබීය.
පන්දු යැවීමේදී ඒ. එම්. ගසන්ෆර් ලකුණු 51කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස හෙන්රිච් ක්ලාසන් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
මුම්බායි 6 වැනි පරාජයක් ලබද්දී සන්රයිසස් අංක 3ට එයි