Advertisements
Advertisements
දේශපාලන පක්ෂ වල මැයි දින සැමරුම්
May 1, 2026
0 Comments
අද (01) ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී ඇත.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නුවරඑළි දිස්ත්‍රික් මැයි රැලිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක එක්ව සිටී.
”ජන රජයට ජන බලයක්” තේමාව යටතේ ජාතික ජන බලවේග දිස්ත්‍රික්ක 21ක මැයි දින සැමරුම් 21ක් අද පවත්වනු ලබයි.
සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වීමට නියමිතව ඇත
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර සිය මැයි දින රැලිය පවත්වන්නේ කොළඹ හයිඩ් පිටියේදීයි.
සර්වජන බලය සිය මැයි දින සැමරුම පවත්වන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීය.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements