පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ අවස්ථා 10 කදී අදාළ ඕස්ට්‍රේලියානු ආයතනයට ගෙවීම් දහයක් සිදුව ඇති බවත් එම ගෙවීම් දහයම හොරකමට ලක්ව ඇති බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් අගය එම ගෙවීම් දහයේ එකතුව බව ද ඔහු සදහන් කළේය.
පසුගිය මුදල් කාරක සභා රැස්වීමේ දී මේ බව අනාවරණය වී ඇත.
මේ ගනුදෙනුවල දී දැවැන්ත හොරකමක් සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැය තුනකට අධික කාලයක් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ගෙවීම් දහයෙන් එකක්වත් අදාළ පාර්ශවයට ලැබී නොමැති බවත්, ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බවත් රජය සෘජුවම දැනගෙන ඇත්තේ මාර්තු මාසයේදී බව ද ඔහු කියා සිටියේය.
මෙම අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත්, අවසානයේ එම බර දැරීමට සිදුවන්නේ මෙරට බදු ගෙවන ජනතාවට බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
මේ පිළිබඳව සියලු සාක්ෂි සහිත සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ඕස්ට්‍රේලියානු ආයතනයට කළ ගෙවීම් දහයම හොරකමට ලක්වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා