Advertisements
Advertisements
රටින් පැන්න පාතාල ලොක්කෝ කීපදෙනෙක් අත්අඩංගුවට.. ළඟදීම ලංකාවට ගේනවා
May 2, 2026
0 Comments
මේ රටින් මැදපෙරදිගට පැනලා සැඟවී සිටි පාතාල නායකයෝ කීපදෙනෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්න බවත් ඔවුන් ළඟදීම ලංකාවට ගේන්න කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
කොළඹ මැයි රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“බලය හොබවන මධ්‍යස්ථාන ළගට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ කුමන්ත්‍රණකාරී කුඩා කණ්ඩායම්වලට අපි ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්.
ඒගොල්ලෝ මෙහෙම කලබල වෙලා තියෙන්නේ ඇයි.? ඒකට හේතු තියෙනවා පහුගිය කාලේ දැක්කා කුඩු තොග ගණන් අහුවෙච්ච හැටි. ගුවන්තොටුපළෙන් ආපු විශාලම කුඩු තොගයක් පහුගිය දවස්වල අපි අත්අඩංගුවට ගත්තා. වරායෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙනවා. එතකොට ඒ අය කලබල වෙවා.
ආයුධ සන්නද්ධව ඉන්න පුළුවන් නීත්‍යානුකූල ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට පමණයි. දේශපාලකයින්ට එහෙම කරන්න පුළුවන් කමක් නෑ, පහුගිය දවසක කැස්බෑවේ කෙනෙක් ආයුධ ළඟ තියාගෙන ඉඳලා අත්අඩංගුවට ගත්තා.
එහෙම තියාගෙන ඉන්න හැමෝම අපි අත්අඩංගුවට ගන්නවා. ඉතින් කලබල වෙන්න ඕනේ. කුඩු අල්ලනවා. නීති විරෝධී ආයුධ ළඟ තියාගෙන ඉන්න අය අත්අඩංගුවට ගන්නවා. ඒවා කළා කියලා ජනතාව පාරට බහින්න ඕනද.? නෑ, පාතාලයත් එක්ක තමයි ද්ශපාලකයන් ඒ කාලේ එහෙට මෙහෙට දිව්වේ. ඒවට ඕන තරම් සාක්කි තියෙනවා.
තව ටික කාලයක් ගියා නම් පාර්ලිමේන්තුවල බලය විතරක් නෙවෙයි, පළාත් සභාවල ප්‍රාදේශීය සභාවල බලයත් මුළුමනින්ම පාතාලෙට යන්න තිබුණා. මැදපෙරදිගට මේ රටින් පැනල ගිහිල්ල හිටපු පාතාල නායකයෝ කීපදෙනෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. ඒ අයත් ළඟදීම අපි ලංකාවට ගේන්න කටයුතු කරනවා. අන්න එතකොට මෙහෙ කට්ටිය කලබල වෙනවා.”
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements