මැයි රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර
වත්මන් ආණ්ඩුවට බලය තියෙන්නෙ තව අවුරුද්දයි මාස තුනයි
හිටපු ඇමැති චන්න ජයසුමන
ආණ්ඩුව පටන් ගත්තෙම ජයමංගල ගාථා නවත්වලා
දිලුම් අමුණුගම
“දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට වගේම මේ රටේ තරුණ – තරුණියන්ට නව බලාපොරොත්තුවක් ඇති කරන්නට අපේ පක්ෂය හරහා බලාපොරොත්තු වෙනවා… සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඊයේ (01 දා) පැවැසීය.
කොළඹ තිඹිරිගස්යාය හෙන්ද්‍රික් පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවැති මැයි දින රැලිය අමතමින් ඔහු එසේ කීය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
“අපි මැයි දිනය සමරන්නේ ඓතිහාසික ඛේදජනක පරිසරයක් නිර්මාණය වූ දිනයක. ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ අර විදේශ සම්පත් කළමනාකරණය කරන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් ඊයේ අභිරහස් ලෙස මැරෙනවා. ඔහු මැරෙන්නෙ මොන වගේ පසුබිමකද? මාස 4ක් තිස්සේ මේ ආණ්ඩුව වහගෙන හිටපු විශාල වංචාවක් වන හැකර්වරුන් පිට දාලා ඩොලර් මිලියන 2.5ක් හොර ගිණුමකට මාරු කළා. ඒ ගනුදෙනුව හෙළිදරව් කරපු රාජ්‍ය නිලධාරියා අභිරහස් ලෙස මියගිය පරිසරයක ඉඳගෙන තමයි අපි අද වැඩ කරන මිනිස්සු සමරන්නේ.
මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා මේ මරණය දක්වා මේ රටේ වැඩ කරන මිනිහට එළව එළවා ගහපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. වෘත්තීය ඉල්ලීම් ඉල්ලපු සංවර්ධන නිලධාරීන්ගේ ඉඳලා අන්තිමට අර තැපැල් දෙපාර්තමේන්තුවේ අය ද, වෛiවරු ද ඒ ඕනෑම සටනක් අවසන් වුණේ මහා විශාල කුමන්ත්‍රණයකින් ඔවුන්ව පාගලා දාලා. මෙහෙම කරපු කෙනෙක් ඉතිහාසයේ අපිට හමුවෙන්නෙ නැහැ. අනුර කුමාර මහත්තයාගේ ඒ ආධ්‍යාත්මික නායකයා රෑට රෑට කතා කරලා පොතේ පිටුවල විස්තරය අහගන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඒ මහත්තයාගේ මාමාවූ ජේ. ආර්. ජයවර්ධනවත් මේ වගේ පහත් තැනකට ගෙහිල්ලා බලය පාවිච්චි කළේ නැහැ වැඩ කරන ජනතාවට එරෙහිව. අද වැඩ කරන ජනතාවට වෘත්තීය අයිතිවාසිකම් නැහැ. කතා කරන්න බැහැ. ඔවුන් රාජ්‍ය බලය උපරිම ලෙස භාවිත කරනවා.
“අර රනිල් වික්‍රමසිංහ ගෙනාපු විදුලිබල මණ්ඩලය කොටස් 5කට කඩනවා කියලා ඒ යෝජනාව මෙතුමා පොතේ තියෙන විදිහටම කළා. කරන කොට විරුද්ධ වෙන්න ආපු අයට කොහොමද කිව්වේ. ජීවිතයට ආදරයක් තියෙනවා නම් වෘත්තීය සමිති සටන් පටන් ගන්න එපා. අපි දන්නවා කරන හැටි.
මේ රටේ වාමාංශික ව්‍යාපාරය කියන්නෙ මේ රටේ මිනිසුන්ගේ හද ගැස්මේ ව්‍යාපාරය. නිර්මල මිනිසුන්ගේ ව්‍යාපාරය. ඔවුන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති සටන්වලට ආපු අය නොවෙයි. එවැනි ඉතිහාසයක් තිබුණු රටක අද වෘත්තීය සමිති ටික නැති භංගස්ථාන කරලා ඒ අයිතිවාසිකම් ඉල්ලන මිනිස්සු පාගලා දාලා තියෙන යුගයක අපි සතුටු වෙනවා මේ රටේ මැද මාවතේ පක්ෂයක් හැටියට අලුතින් නිර්මාණය කරලා දර්ශනයක් මත පිහිටා ඒ වාමවාදී දේශපාලනයට නව පණක් ලබා දෙමින් මේ රටේ සභ්‍යත්වයට, සංස්කෘතියට ජාතිකත්වය මත පදනම් වූ ඒ දැවැන්ත දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්නට සර්වජන බලයට හැකි වීම ගැන. මේ තමයි මේ රටේ ජනයාගේ සර්වජන බලයට වෙන බලයක් නැහැ. සර්වජන බලය පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ –
අද වෙන කොට සම්පූර්ණයෙන්ම රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. ඒ වගේම මූල්‍ය පද්ධතිය බිඳ වැටිලා අකර්මන්‍යයි. සයිබර් අවකාශය බිඳ වැටිලා. රටේ දත්ත තොරතුරු පද්ධතිය අනාරක්ෂිතයි. රටේ බලශක්තිය බිඳ වැටිලා. ආර්ථිකයේ ආරක්ෂාව බිඳ වැටිලා. මහජන ආරක්ෂාව බිඳ වැටිලා. අවසානයේදී මහ බැංකු වංචාවේ පැමිණිලිකරු අභිරහස් ලෙස ඝාතනය කරන මට්ටමට ඇවිත් තිබෙනවා.
සර්වජන බලය පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු කැබිනට් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන
“අද ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු විශාල ප්‍රමාණයක් කරමින් ඉන්නවා.
ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ආණ්ඩුව ගන්න බැරි වුණා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ගිහින් ආණ්ඩුව කටයුතු කරන්න එපා.
සර්වජන බලය උප සභාපති හිටපු ඇමැති මහාචාර්ය චන්න ජයසුමන
“තව අවුරුද්දයි සති තුනයි මේ ආණ්ඩුවට බලය තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කිව්වා වැඩි කළාද? විදුලි බිල අඩු කරනවා කිව්වා අඩු කළාද? සෞඛ්‍යයට, අධ්‍යාපනයට, පාසල් පොත්වලට ආහාරවලට වැට් එක අයින් කරනවා කිව්වා. අයින් කළාද? මුහුදු වතුරෙන් සල්ෆියුරින් හදනවා කිව්වා. හැදුවද? මිණිරන්වලින් ග්‍රැනයිට් හදනවා කිව්වා. හැදුවද? ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් ණය ටික පියවනවා කිව්වා පියෙව්වද? වරායෙන් ගොඩබාන මිලට ඩීසලුයි පෙට්රලුයි දෙනවා කිව්වා. දුන්නද? මැයි දින තෑග්ග එනවා අද රෑට හෝ තව දවස් දෙක තුනකින්. ජපන් කාර් එකක් ලක්ෂ 12ට දෙනවා කිව්වා ගත්ත කෙනෙක් ඉන්නවද? රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා දෙනවා කිව්වා කෝ ඒක කළාද?
හිටපු ඇමැති දිලුම් අමුණුගම
මේ රටට අධර්මිෂ්ඨ නායකයෝ බිහිවෙච්ච දවසට කවදාවත් මේ රටට හරි ගිහින් නැහැ. ධාර්මිෂ්ඨ නායකයෝ බිහිවෙච්ච වෙලාවේ කොහොම හරි ස්වභාවධර්මය හරි මේ රට රැකලා තියෙනවා. අධර්මිෂ්ඨ නායකයෝ බිහි වුණාම එහෙම වෙන්නේ නැහැ. අපේ හාමුදුරුවනේ, පටන් ගත්තෙම පාර්ලිමේන්තුවේ හැමදාම ගයන ජයමංගල ගාථා නතර කරලා. මේ ගොල්ලෝ හිතනවා ඇති ජයමංගල ගාථා පොඩි ළමයි ටිකක් ගායනා කරන සින්දුවක් කියලා. හැබැයි ජයමංගල ගාථා මොකක්ද කියලා දන්න අය විතරයි දන්නේ. කැලේ හිටපු අය මේක මොකක්ද කියලා දන්නේ නැහැ. තුන් මාසයක් ගත වුණේ නැහැ කුණාටුවක් ආවා. අපේ හාමුදුරුවනේ මෙච්චර කල් කුණාටු ආවම ගංවතුර ආවම හානි වුණේ පහත් බිම් ප්‍රදේශ. පළවැනි වතාවට කන්ද උඩරටම හේදිලා යන තත්ත්වයට පත් වුණේ මේ දළඳා සමිඳුන් එක්ක සෙල්ලම් කරන්න ගිහින් කියන කාරණාව මතක් කරනවා. සර්වජන බලය මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙක්ම කතා කළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
දියුණු ශ්‍රී ලංකාවක් තුළ තරුණ තරුණියන්ට නව බලාපොරොත්තුවක් සර්වජන බලය දෙනවා