සජිත් මැයි රැලියේදී කියයි
එජාපය සමග එක්වීම දැනටම සිදුවෙලා
වත්මන් දුර්ධාන්ත ආණ්ඩුව රාජ්‍ය ආයතන රැසක්ම විනාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පැවැති ස.ජ.බ. මැයි රැලියේදී පැවැසීය.
එබැවින් දැන් රටට අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය ආයතන සුරකින ජනතා විසඳුම් සොයන නව ආණ්ඩුවක් බවත් ස.ජ.බ.ය ඒ සඳහා උත්තර සැපයීමට සූදානම් බවත් ඔහු එහිදී සඳහන් කළේය.
සුපුරුදු දේශපාලනය වෙනුවට හැත්තෑ හය වසරක පැරණි දේශපාලනයෙන් ඉවත්වී නව ගමනකට ස.ජ.බ.ය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.
ස.ජ.බ.ය නොසිටියේ නම් බොරු කී කථානායක සහ බාල ගල් අඟුරු ගෙන්වූ බලශක්ති ඇමැතිවරයා ගෙදර යවා ඇතැයි ද කී විපක්ෂ නායක ස.ජ.බ.ය මුල්වී රටේ විශාල හොරකම් ප්‍රමාණයක් ද නැවැත්වීමට හැකිවූ බවද වැඩිදුරටත් කීවේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීම සඳහා කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එම එක්වීම දැනටමත් සිදුවී ඇතැයි ද ඔහු එහිදී කීය.
එලෙස කමිටු පත් කළහොත් පක්ෂ දෙකෙහි එකතුවීම වැළැක්වීමට කුමන්ත්‍රණකරුවන් ක්‍රියා කරනු ඇති බවද කී විපක්ෂ නායකවරයා ස.ජ.බ. මැයි රැළියට සුභ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තුතිය ද පළ කළේය.
අකිත පෙරේරා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
දුර්දාන්ත පච ආණ්ඩුව රාජ්‍ය ආයතන වැනසුවා