රනිල් සජබ මැයි රැලියට සුබ පතමින් කියයි
“පච මදිවට හොරු” විරෝධය වර්තමානයේ උචිතම තේමාව බවත් එම තේමාව ගම මට්ටමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් එජාපය හා සජබය එකට ගමනක් යන්නට සාකච්ඡා ඉදිරියට ගෙන යමු යැයි යෝජනා බවත් සජබ මැයි රැලියට සුබ පතමින් හිටපු ජනාධිපති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට හා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත එවා තිබූ සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේද දැක්වේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන, ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වසර සැලකිය හැකිය. ගල්අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක කොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ හොරකම් කිහිපයකි.
ජනතාවට පොරොන්දු වූ සහන කිසිවක් ලබාදීමට අද වන තෙක් මාලිමා රජයට හැකි වී නැත. ජීවන වියදම අහස උසට ගොස්ය. ජනතාව දුක්විඳින අවස්ථාවේදී ආණ්ඩුවේ පාර්ශ්ව සැප විඳිමින් සිටිති. තවත් පැත්තකින් මේ වනවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කර පවතී. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ජනතාව වෙනුවෙන් හඬ නැගීමට ඉඩක් නොදීම බරපතළ තත්ත්වයකි. හැමවිටම තර්ජනයෙන් සියල්ල පාලනය කිරීමට වෙර දරයි. පවතින වාතාවරණය අනුව විපක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි බියෙන් පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනතා මුදල් පාලනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට දී තිබියදීත් මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක හොරකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට මුලින් ඉඩ දුන්නේ නැත. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රථම වතාවටය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණීම ද මුලින් ප්‍රතික්ෂේප කළේය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මේ තීරණ අවසන් මොහොතේ වෙනස් වූයේ දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හේතුවෙනි.
තවත් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය බෞද්ධ අයිතිවාසිකම් සහමුලින්ම උල්ලංඝනය කරමින් සිටී. කතෝලික පාසල් පිළිබඳව 1962දී ආණ්ඩුව සහ කතෝලික සභාව අතර ඇති කරගත් සම්ප්‍රදායන් සියල්ල කඩකරලාය. කිසිදු ආගමක් ගැන රජයේ සැලකිල්ලක් නැත.
වර්ෂ 1977 සිට ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සියල්ල මේ වනවිට ඇණහිට පවතී. අද නව රැකියා බිහි වන්නේ නැත. කර්මාන්ත, සංචාරක, ඉදිකිරීම් ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී අවසානය.
මේ පසුබිම යටතේ “පච මදිවට හොරු” පාඨය වර්තමානයේ ඉතාම උචිතම තේමාවයි. සමගි ජන බලවේගය තෝරාගත් ඒ පාඨය බිම් මට්ටමටම ගෙන යනු ඇතැයි අපේක්ෂා කරමි. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන ආයතන මගින් මේ පාඨය ක්‍රියාවට නැංවීම ඉතාම සුදුසුය.
එසේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කීරීමට පත්කළ කමිටුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු යයි ද යළිත් සිහිපත් කරමි. සමගි ජන බලවේගයේ මැයි රැලිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
චමින්ද සිල්වා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
‘රට අගාධයට යනවා’ ඉදිරියේදී එකට ගමනක් යමු