කොළඹ කැම්බල් පිටියේ පැවති මෙවර ශ්‍රීලනිප මැයි රැලියේදී පහත යෝජනා 10 සම්මත කර ගැනුණි. එම යෝජනා කෙටියෙන් මෙසේය. උපාධිධාරීන්, වෛiවරුන් හා ගුරුවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී ලෙස කටයුතු කරමින් ඒවා විසඳීමට පියවර ගන්නා ලෙසත්, දැනට මාලිමා රජය මගින් ගෙනයනු ලබන වෘත්තීය සමිති දඩයම වහා නතර කරන්න.
පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ට හය මසකට වරක් වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද, වෘත්තීය සමිති ආඥා පනත හා සාප්පු හා කාර්යාල සේවක පනත වෙනස් කරමින් වැඩ කරන පන්තිය, පාලකයන්ගේ දංගෙඩියට යට කරන කම්කරු නීති වෙනස් කිරීමට පත්කර ඇති කමිටුව වහා අහෝසි කරන්න.
අදූරදර්ශී ක්‍රියා කලාපයන් වංචාව, දූෂණය හා තමන්ගේ නොහැකියාව මත මෙරට කෘෂි කර්මාන්තයට සිදුකරන ලද දැැවැන්ත විනාශය සිහිපත් කරන මෙම මැයි දින රැලිය මෙවැනි විනාශයක් සිදු කළ අනුර දිසානායක ජනාධිපතිවරයා හට හා මාළිමා රජයට එරෙහිව සිය දැඩි විරෝධය පළ කරන අතර මෙම ඛේදනීය තත්ත්වයෙන් කෘෂි කර්මාන්තය හා ගොවි ජනතාව බේරා ගැනීම සඳහා ඒකරාශී වන ලෙස සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළම වංචාව වන බාල ගල්අඟුරු වංචාව සඳහා පැහැදිලිවම දේශපාලන වශයෙන් වගකිවයුතු වූ බව පෙනෙන අනුර කුමාර දිසානායක මහතා හා මාලිමා රජය පලවාහැරීමට අප හා එක්ව අත්වැල් බැඳ ගන්නා ලෙස මෙම සමුළුව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.
මාලිමා රජයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා හා පැමිණිලි හමස් පෙට්ටියට දමමින් කරගෙන යනු ලබන ක්‍රියාකලාපය මෙම සම්මේලනය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, මෙම දුර්දාන්ත ක්‍රියාවන්ට එරෙහිව පෙළගැසෙන ලෙස මෙරට ජනතාවගෙන් මෙම සම්මේලනය තරයේ ඉල්ලා සිටී.
රජයේ මැති ඇමැතිවරුන් වගකිව යුතු භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක දැවැන්ත වංචාව ද එම වංචාව සිදු වූ බව දැන දැනම මාස ගණනක් සඟවා තබා ගනිමින් වංචනිකයන් හා දූෂිතයන් රැක ගැනීමට මාලිමා රජය කටයුතු කර ඇත.
වහාම සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් කර, සිදු වූ අලාභය අයකර ගැනීම කළ යුතු යැයි මෙම සම්මේලනය තරයේ ප්‍රකාශ කර සිටී.
රණවිරුවන් අපහසුතාවයට අවමානයට හා කනස්සල්ලට පත් කරමින් විශේෂයෙන්ම ඔවුන් ‘සොල්දාදුවන්’ යනුවෙන් හැඳින්වීමෙන් කරන ලද බලවත් අවමානය මෙන්ම ඔවුන්ට එරෙහිව ගෙන යනු ලබන සාපරාධි ක්‍රියාවන් වහාම නතර කොට රණවිරුවන්ගේ අභිවෘද්ධිය සුරැකීම සඳහා පියවර ගන්නා ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටිමු.
රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය වෛi උපරකණ, ඖෂධ ප්‍රමාණාත්මකව ලබාදීමට අපොහොසත් වීම හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උද්දච්ඡ ක්‍රියා හේතුවෙන් වර්ජන රැල්ලක් ඇති වී ජනතාවට ඉමහත් පීඩාවක් ලබාදී ඇත. එහෙයින් මාලිමා රජයේ මෙකී අදූරදර්ශී ක්‍රියාවන්ට එරෙහිව සියලු ජනතාව ඒකරාශී කළ යුතු බවට මෙම සම්මේලනය ප්‍රකාශ කර සිටී.
මෙරට සියලුම දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පටු හා සෙසු දේශපාලන න්‍යායපත්‍රයන් අතහැර දමා ඒකරාශි වන ලෙස මෙම සම්මේලනය ඉල්ලා සිටී.
බුදුදහම, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පසෙක තබා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කරා ගෙන යාමට විවිධ ක්‍රියාවන්හි නිරත වන මාලිමා රජය මෙසේ කරගෙන යනු ලබන ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ජනතාව ඒකරාශි විය යුතුයි. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැකගැනීමට සාධනීය වැඩපිළිවෙළක් ගන්නා මෙන් රජයට බලකර සිටිමු.
රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති රජය එය අවුල් ජාලාවක් කර ඇත.
අරුණ බෝගහවත්ත සහ තුෂාර අතපත්තු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ශ්‍රීලනිප ජනරැලියේදී රට හමුවේ යෝජනා 10ක්