තිදෙනකුට බරපතලයි
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වා ගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිලධාරීන් 07 දෙනකුට ඊයේ (01) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
රක්ෂිතයේ ගමන් කිරීමේදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් පවතින අධික වියළි කාලගුණයත් සමග ඇවිස්සී එම වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනකුට බඹරුන් විශාල ලෙස දෂ්ට කර තුවාල කර ඇති බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා කියා සිටියේය.
වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාලකරුවන් 07 දෙනා ගෙන් දෙදෙනකු කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරීන් 5 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
බඹර ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය.
නුවරඑළිය නාලක රත්නායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026