මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක ප්‍රමාණයක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව සුලමුල අනාවරණය කරගැනීම සඳහා එම භාණ්ඩගාරයේ නිලධාරීන් පරිහරණය කරන පෞද්ගලික ජංගම දුරකථන වලින් ගත් විදේශීය ඇමතුම් ප්‍රමාණය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පැවසීය.
මෙම විදේශීය ඇමතුම් ඔවුන් ලබාගත් පුද්ගලයන්ගේ තරාතිරම අනාවරණය කර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියා පොලිසිය දැනටමත් විමර්ශන සිදු කරන බවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි.
මෙම මුදල් අතුරුදහන් වීම හැකර්ලාගේ ක්‍රියාවක්ද, අභ්‍යන්තරයේ සැලැස්මක්ද, එසේත් නැතිනම් මෙය අත්වැරැද්දක් දැයි කියා ස්ථීරව නිගමනය කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
නෝමන් පලිහවඩන
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
භාණ්ඩාගාර නිලධාරීන් ගත් රට කෝල් සොයයි