මැයි 06 වන බදාදා
මැයි 06 වන බදාදා පෙරවරු 7.53 සිට දිවිකරණය පවතින බැවින් විශේෂයෙන් ගොවිතැන් කටයුතු සඳහා ද, විවාහ මංගල කටයුතු, නිවාස සම්බන්ධ කටයුතු, වෙළෙහෙළඳාම් කටයුතු, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු ආදිය සඳහා ද සුබදායකය. මූල නැකැත පවතින පස්වරු 3.54 දක්වා ධ්වජ යෝගය යෙදී ඇත. බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී නැකැත් හිමියන්ට සීහේ. සුබ කටයුතු සඳහා පෙරවරු 8.55 ට නැගෙනහිර දිශාව බලා සුබයි.
මැයි 07 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.14 දක්වා දිවිකරණය පවතින බැවින් ගොවිතැන් කටයුතු සඳහා වඩාත් සුදුසුය. එමෙන්ම පංචාංග ශුද්ධිය ද පවතින අතර පුවසල නැකැත යෙදී ඇත. අටවිසි මහා යෝග චක්‍රය අනුව ධාතා යෝග බලය ද, සිද්ධියෝග බලය ද පවතී. අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමියන්ගේ ශිල්ප ශාස්ත්‍ර ආරම්භය, රසායනික වැඩ ආදියට සුබදායකය. සුබ වේලාව පෙරවරු 9.39 වේ. සුබ දිශාව නැගෙනහිර.
මැයි 08 වන සිකුරාදා දහවල් 12.21 දක්වා ආනන්ද නම් අටවිසි මහා යෝගය ද, සිද්ධි යෝග බලය ද පවතී. උත්‍රසල නැකැත පවතින දිනයකි. පංචාංග ශුද්ධිය ද ඇත.
බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට සීහේ. එම නැකැත් හිමි දරුවන්ගේ සුබ කටයුතු, විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු ,වෙළෙහෙළඳාම්, වෙදකම්, රථ වාහන සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික කටයුතු, ළිං තැනීම, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කීරිම, රැකියා භාර ගැනීම, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු ආදිය සඳහා සුබදායකය. සුබ වේලාව පෙරවරු 6.39 සුබ දිශාව දකුණ.
මැයි 10 වන ඉරිදා පස්වරු 3.03 දක්වා මාතාංග නම් අටවිසි මහා යෝගය ද සහ පංචාංග ශුද්ධිය ද පවතී. දරුවන්ගේ සුබ කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු, වෙළෙහෙළඳාම්, කෘෂිකාර්මික කටයුතු, ළිං තැනීම, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කීරිම, රැකියා භාර ගැනීම ආදිය සඳහා සුබදායකය. අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමියන්ට සීහේ. පෙරවරු 7.39 ට දකුණු දිශාව බලා සුබ කටයුතු සඳහා යොදා ගත හැක. පස්වරු 3.03 න් පසුව මැයි 11 වන (පසු) දින පස්වරු 3.20 දක්වා සිංහ කරණය පවතී.
වාස්තු විද්‍යා විශාරද, ජ්‍යොතිර්වේදී,
දේශමාන්‍ය ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සතියේ සුබ නැකැත්