රජයෙන් දැඩි තීන්දු
භූමි ලාභ
තැපැල් විදුලි සංදේශ පොදු ප්‍රවාහන අංශවල ගැටලු
ග්‍රහලොව දඩබ්බරයා, හිතුවක්කාරයා, චන්ඩියා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන සටනට කාරක කුජ ග්‍රහයා තමාගේ ස්වශේෂ්ත්‍ර රාශියක් වන මේෂ රාශියට 2026.05.11 ප.ව. 12.38 ට ගෝචර වේ. එතැන් පටන් සෙන්පති කුජ දින 40 ක් රජ ගමනේ ගමන් කරයි. මේ මොහොත වන විට සිංහ ලග්නයත්, මේෂ නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව කේතු ද හත්වැන්නේ සඳු, රාහු ද, අටවැන්නේ ශනි ද, නමවැන්නේ රවි, කුජ, බුධ ද, දසවැන්නේ සිකුරු ද, එකොළොස්වැන්නේ ගුරු ද මෙසේ ගමන් ගෙන තිබුණි. භූමියට කාරක කුජ බලවත්ව ගමන් කරන මෙම කාලය තුළ භූමියෙන් වටිනා දෑ හමුවීමට ඉඩ පවතී. ප්‍රබල මාරක අනතුරක සේයාවක් ද ජුනි 21 ට පෙර සිදු වන බව පෙන්නුම් කරයි. ආරක්ෂක අංශයන්හි කිතු ගොස වර්ධනය වන පුවත් ඔබට අසන්නට ලැබේ. ප්‍රධාන ආරක්ෂක පුටුවක වෙනස්කමක් ද ඉදිරි සති දෙක තුන ඇතුළත පෙන්නුම් කරනු ලබයි.
තත්කාල කේන්ද්‍රයේ ගුරු 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත ආගමික නායකයන් වහන්සේලාට, නීතිපති ක්ෂේත්‍රයේ අයට මෙන්ම බැංකු, මූල්‍ය ආයතනවල කඩාවැටීම් ද පෙන්නුම් කරනු ලබයි. සමහර අවස්ථාවලදී රටේ ආර්ථික තත්ත්වයට ද බොහෝ සෙයින් බලපෑම් ඇති කරනු ලබයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ තෙවෙනි භාවය තුළ කුජ ගෝචර වේ. ඒ අනුව තැපැල්, විදුලි සංදේශ, පොදු ප්‍රවාහන යන අංශවල වරින් වර ගැටලු, බාධක, ප්‍රශ්න ඇති වන බව පෙනේ. එමෙන්ම සඳු රාහුගෙන් පීඩාවට පත්ව ගමන් කිරීම හේතුවෙන් ජලයට සම්බන්ධ අනතුරු වලින් මියයාම් ඇති විය හැකි දින කිහිපයක් ද වේ. මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ සංඝ පීතෘවරයන් වහන්සේ නමකගේ හදිසි අපවත් වීමක් ගැන ද ඉදිරි දින කිහිපය තුළ ඔබට අසන්නට ලැබේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 අධිපති මෙසේ බලවත්ව ගමන් කිරීම රජය යම් යම් අවස්ථාවල දැඩි තීන්දු ගන්නා බවක් ද පෙනෙන්නට තිබේ.
ජ්‍යොතිෂ කීර්ති ශ්‍රී විභූෂණ
ජ්‍යොතිෂ භාෂ්කර
ආචාර්ය පී.කේ.තරංග කුමාර
077 796 2658
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සෙන්පති කුජ රජ ගමනේ