මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ මේ සතිය තුළ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 8,9, 10 වැන්නේ ගෝචර වන නිසා මේ සතිය තුළ මේෂ ලග්න ඔබට ප්‍රවේසමෙන් අවධානයකින් යුතුව කටයුතු කිරීමට සිදුවන බැව් පෙන්නුම් කෙරේ. අටවැන්නේදී අනතුරු, වැටීම්, තැලිම් තුවාල වීම් හදිසි අනතුරු, ලේ සෙලවීම් ආදී සිදුවීමට ඇති ඉඩකඩ වැඩි නිසාත්,ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි නිසා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය.
ඒ වගේම තමන්ගේ ශාස්තෲන් වහන්සේලා වෙනුවෙන් වත් පිළිවෙත් සිද්ධ කිරීමට මේ සතිය ඉතා සුබ දායක බව පෙන්නුම් කෙරේ. රැකියාවේ වෙනසක් මෙන්න රැකියා ස්ථාන මාරු රැකියා ස්ථිරත්වයක් මේ සතිය තුළ ගොඩනැඟෙන බව පෙන්නුම් කරේ. ඒ නිසා ඔබ කරන කියන වැඩකටයුතු වෙළෙඳ හෙළදාම් ව්‍යාපාර කටයුතුවලට වැඩි මහන්සියක් කැපවීමක් කිරීමට සිදුවන සතියක් බව පෙන්නුම් කරේ.
ජය අංකය 7 අය 4 වැය 10
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් අයගේ චන්ද්‍රයාගේ ග්‍රහචාරය මේ සතියේ 7,8,9 වැන්නේ ගෝචර වන නිසා වෘෂභ ලග්නධාරි ඔබට මේ සතිය තුළ කරන කියන වැඩ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ස්ථිර ආදායම් මාර්ග සකසා ගැනීමට අත්‍යවශ්‍ය සේවකයන් සහ ඔබගේ කටයුතුවලට සහායක සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහයෝගීතා සඳහා එක්වන අය නිවැරදිව තෝරා බේරා ගැනීමට හැකියාව ඇතිවන සතියක් වේ. විවාහය සම්බන්ධ ගැටලු මඟහැරවා ගැනීමට සුබ කාලයක් උදාවී ඇත. විවාහ කටයුතුවලට ඉතාමත් සුබයි. ඒ වගේම වැටීම්, තැලීම්, තුවාල වීම්, හදිසි අනතුරු, සෞඛ්‍ය සම්බන්ධ දුබලතා ඇතිවන කාල වකවානුවක් මේ සතිය තුළ ඇති විය හක. ප්‍රවේසමෙන් කටයුතු කරන්න මඟ ගමන් යෑමේදී ආරක්ෂාකාරී පියවරයන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බව පෙන්නුම් කරයි
ජය අංකය 8 අය 6 වැය 8
මිථුන ලග්නය
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතියේ 6,7,8 යන බව ස්ථානවල ගෝචර වන නිසා මිථුන ලග්න ඔබට මේ සතිය තුළ කරන කියන වැඩ කටයුතු පිළිබඳව නිවැරදි කළමනාකරණයක් කරගත යුතු බව පෙන්නුම් කරයි.
ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවීමට ඇති නිසා ස්නායුගත ආබාධ, කොන්දේ වේදනා සහිත දෝස හන්දිපත් අමාරු, අපහසුතා සෙනසුරුගේ දසා, අතුරුදසා ගෙවන අයට පෙන්නුම් කරයි. ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම සහයෝගය ලබාගැනීමට හැකියාව ඇත.
ඕනෑම අයකුගෙන් සහයෝගයක් ලබාගැනීමට හැකියාව ලැබෙයි. ණය මුදල් අතමාරු සඳහා මේ කාලය සුබ වන අතර හොර සතුරු පීඩා මෙන්ම නීතිමය ගැටලුවලට ද මුහුණ දීමට සිදුවන කාලයක් මේ සතිය තුළ පෙන්නුම් කරයි. එම නිසා මිථුන ලග්න හිමි ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
ජය අංකය 2 අය 4 වැය 3
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතියේ 5,6,7 වැන්නේ සිදුවන නිසා කටක ලග්න හිමි ඔබට මේ සතිය ඉතා යහපත් සතියක් වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට සහයෝගය ලබාදීමට ඔබට සිදුවේ. තරග විභාග ජයග්‍රහණ ආදී මේ සතිය තුළ දරුවන්ගේ දක්නට ලැබේ. දරු ඵලවලට සුබ කාලයක් වන අතර, ප්‍රේම සම්බන්ධතා වර්ධනය කරගැනීමට ඇති හැකියාව වැඩිවන සතියක් වේ. ඒ වගේම ශරීරයේ යටිබඩ ආශ්‍රිතව ගැටලු ඇතිවීමටත්, වකුගඩු වේදනා කැක්කුම් නිසා පීඩා විඳීමටත් සිදුවන සතියකි. මංගල උත්සව ප්‍රිය සම්භාෂණවලට ආරාධනා ලැබේ.
අංකය ජය 9 අය 2 වැය 8
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් අයගේ ග්‍රහචාරය මේ සතිය තුළ 4,5,6 වැන්නේ ගෝචරය වීම සිදුවන නිසා ලග්නධාරි ඔබගේ කටයුතු යම්තාක් දුරට හොඳින් සිදු කරගැනීමට හැකියාව පවතින සතියකි. අෂ්ටම ඒරාෂ්ටකයේ බලපැවැත්ම මේ කාලයේදී තිබුණද, ඒ හැම දෙයක්ම මඟහරවාගෙන ආර්ථික ශක්තිය ගොඩනඟා ගැනීමට හැකියාව ඇතිවන සතියක් බව පෙන්නුම් කරයි. ගේ දොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්පූර්ණ කරගැනීමටත් මවගෙන් ලද දායාද හිමිකම් උරුමකම් අයිතිකාරකම් කියා පෑමටත්, ගැනීමටත් අන් අය අතපෙවීම වැළකීම වළක්වා ගැනීමටත්, ඔබට හැකියාව ඇතිවන සතියකි. නීතිමය ගැටලු මඟහරවා ගැනීමට සහ නීතියේ සහය සහනය පතා ගැනීමට හැකියාව ඇතිවන සතියක් වේ. දුර බැහැර ගමන්වලින් වැළකී තමන්ගේ කටයුතු පාඩුවේ සිදු කරගෙන කාලය ගත කරනවා නම් වඩාත් යෝග්‍ය වේ.
ජය අංකය 7 අය 8 වැය 5
කන්‍යා ලග්නය
කන්‍ය ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය 3,4,5 යන භාවස්ථානවල සිදුවන හෙයින් කන්‍යා ලග්නධාරී ඔබට තමන්ගේ පෞරුෂය ගොඩනඟාගන්නා කටයුතුවල පමණක් නියැලෙනවා නම් වඩාත් යෝගය වේ. අන් අය නිසා නින්දා අපහාස විඳීමටත් සිදුවන බවත්, පාඩු සිදුවීමට හේතු වන බවත් හොඳින් මතක තබා ගන්න.
එබැවින් තමන්ගේ කටයුතු පාඩුවේ පරිස්සමෙන් යුතුව සිදු කරනවා නම් වඩාත් යෝගය වේ. නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවන නිසා එවැනි කටයුතුවලින් මුළුමනින්ම ඈත් වනවානම් සුබ වේ. කිසි කෙනකුගේ උදව්වත් උපකාරයක් නැතුව තමන්ගේ දියුණුව වෙනුවෙන් සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු සිදු කරනවා නම් ශුභදායක බව පෙනේ. බාල සහෝදරයන් තමන්ගේ සොහොයුරු සොයුරියන් ඔබගේ දියුණුවට බාධා වන අයුරින් හැසිරෙන බව පෙන්නුම් කරයි. යාළු හිත මිතුරන් ආදී අයගෙත් සමග ප්‍රිය සම්භාෂණ, සතුටු සාමිච්යේ යෙදීම සහ හිතවත්කම් පෑම මෙම කාලයේ යම්තාක් දුරට අඩු කරනවා නම් යහපත් බව පෙන්වා දෙන්න පුළුවන්. අවි ආයුධවලින් අනතුරු ඇතිවීම අධික බැවින් අවි ආයුධ සමග ගනුදෙනු ප්‍රවේශමෙන් කටයුතු කරන්න
ජය අංකය 1 අය 6 වැය 3
තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය 2,3,4 වැන්නේ ගෝචර වන නිසා මේ සතිය තුළ තුලා ලග්න හිමි ඔබට වාසනාව සම්පත උදා කරන සතියක් වේ. ස්වීප් ලොතරැයි වාසනා, නොසිතූ ධන සම්පත් භූමිලාභ කෘෂිකාර්මික ලාභ වෙළෙඳාම්වලින් ලැබෙන ලාභවලට හේතු වේ. වෙනදාට වඩා අත මිට සරු අත මිට මුදල් ගැවසෙන සතියක් වේ. කෙතරම් මුදල් ඉපයුව ද මුදල් හරි හැටි කළමනාකරණය කර ගත්තේ නැතිනම් ඔබට සතිය අවසානයේ දී ගණන් බැලීමේදී ලැබුණු මුදලට වඩා වියදම් වූ මුදල වැඩි බව පෙන්නුම් වේ. ඒ නිසා ලිඛිත අයවැයක් පවත්වාගෙන නිවැරදි කළමනාකරණයකින් ඔබගේ මුදල් පරිහරණය කරනවා නම් මින් ඉදිරියට දියුණු වීමට ඔබට හැකියාව ලැබෙයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු වලට ඉතා සාර්ථක කාලයක් වන බැවින්, අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාර කටයුත්තකට වුවද මේ සතිය සුබදායක වේ. කල්පනාවෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ අනාගතයේ සාර්ථකත්වය දැකීමට හැකියාව ඇති සතියක් මේ එළඹෙන සතියෙන් ඔබට උදාවන බව පෙන්නුම් කරයි.
ජය අංක 1 අය 6 වැය 2
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතියේ ලග්නයේ දෙවැන්නේ සහ තුන්වැන්නේ ගෝචරය වීම සිදුවන බැවින් මේ සතිය තුළ ඔබ අලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කටයුත්තක් සාර්ථකව දියුණුව කරා ළඟා කරගැනීමට හැකියාව ඇති වන බවක් පෙන්නුම් කරයි. යහමින් මුදල් ගැවසෙන අතමිට මුදල් අඩුවක් නැති ධන ලාභවලට හේතුව මේ සතිය තුළ නොසිතූ සම්පතක් ඔබට හිමිවේ.
බලාපොරොත්තු රහිත ආදායමකට හිමිකම් කීමට ඇති හැකියාව වැඩිවේ. දිනෙන් දින දියුණුවට පා තැබීමට බලාපොරොත්තුවන ඕනෑම කටයුත්තක් මේ කාලයේදී සාර්ථක වන බව පෙන්නුම් කරයි. දුර බැහැර ඥාතීන්ගේ සම්බන්ධතා මත පැවති
ගැටලුවක් හෝ ආරවුලක් මඟහරවා ගැනීමට මේ සතිය ඔබට උපකාරී වේ. උත්සව අවස්ථා සහ ප්‍රිය සම්භාෂණවලට මේ සතිය තුළ ඇරයුම් ලැබෙන බව පෙනේ.
ජය අංකය 4 අය 3 වැය 5
ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් අයගේ ග්‍රහචාරය මේ සතියේ දොළොස් වැන්නේ ලග්නයෙ සහ දෙවැන්නේ ගෝචර වීම සිදුවන බැවින් ධනු ලග්න ඔබට මේ සතියේ වැය පස ඉහළ යන බවක් පෙන්නුම් කරයි. හරි කළමනාකරණයකින් යුතුව මුදල් පරිහරණය නොකළහොත් මුදල් සම්බන්ධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව පෙන්නුම් කරයි. ආර්ථිකය අතින් අන්තිමට වැටීමට ඉඩකඩ ඇත. ණය පහසුකම් ලබාගැනීමේදී ඒවා කල් යන බවක් පෙන්නුම් කරයි. අන් අයගේ අත පෙවීම නිසා ඔබ බලාපොරොත්තු වන මුදල ඔබට නොලැබී යෑමට පුළුවන්. විදේශ කටයුතු, විදේශ සම්බන්ධතාවලට යහපත් වන හෙයින් ඔබ විදේශ ගමන් සඳහා බලාපොරොත්තු වන අයෙක් නම් මේ සතිය තුළ ඒ සඳහා සූදානම් වීම ඉතා හොඳයි.
විදේශ සම්බන්ධතා ගොඩනඟා ගැනීම ආයෝජනය කිරීම සහ අපනයන ආයනයන කටයුතුවල යෙදීම මේ සතියේ ඔබට යහපත් වන බවක් පෙන්නුම් කරයි. සමහර අවස්ථාවලදී ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩකඩ ඇත. එබැවින් තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව ඇස්, කන්,නාසය සම්බන්ධ දෝෂ ඇතිවීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවත් මේ සතිය තුළ පෙන්නුම් කරයි.
ජය අංක 3 අය 4 වැය 12
මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතිය තුළ එකොළොස් වැන්නේ දොළොස් වැන්නේ සහ ලග්නයේ සිදුවන නිසා මකර ලග්නෙන් උපන් අපට අයවැය සමබර කරගැනීමට අවශ්‍ය දැනුම බුද්ධිය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ. වෙළෙද ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ඇතිවන අතර ස්ථීර තැන්පතු ධනයක් ගොඩනඟා ගැනීමට මේ සතිය ඔබට ඉවහල් වේ. ඔබ නව රැකියා නව නිෂ්පාදන අත්හදා බැලීම් අලුත් නිපැයුම්වලට ශුභදායක කාලයක් මේ සතිය තුළ පෙන්නුම් කරයි. අලුතෙන් සිදුකරන ඕනෑම දෙයක් ජනප්‍රිය කර ගැනීමට සහ අන් අයගේ ප්‍රසාදය ඇති කර ගැනීමට මේ සතිය තුළ හැකියාව පවතී. ලිඛිත ලේඛන සම්බන්ධයෙන් හා සාහිත්‍ය කෘති නිර්මාණ වලට වඩාත් සුබදායක කාලසීමාවක් මේ සතිය තුළ ඔබට ඇතිවේ. විදේශ ගමන්වලට යහපත් වන අතර තමන්ගේ පෞරුෂ සම්බන්ධ පැවති ගැටලු මඟහරවා ගැනීමට මේ සතිය සුබදායක සතියක්ය.
ජය අංකය 5 අය 7 වැය 8
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතියේ දහය එකොළහ දොළහ යන භාව ස්ථානවල සිදුවන බැවින් කුම්භ ලග්න ඔබට මේ කාලයේදී රැකියාවේ වෙනසක්, ස්ථාන මාරුවක්, හෝ රැකියාව එපා කරවන බවක් පෙන්නුම් කරයි. එනිසා ඔබ රැකියාව පිළිබඳව යම් තීරණයක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඒ තීරණය ඔබට අවාසිදායක වීමට හේතුවේ. ඒනිසා රැකියාවේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට මේ සතිය භාවිත නොකරන්නේ නම් වඩාත් යෝග්‍යයයි. අලුතෙන් ව්‍යාපාර වෙළෙඳ කටයුතු සහ නව නිපැයුම් හෝ නව නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සුදුසු සතියක් මේ මාසයේ ඔබට පෙන්නුම් කරයි. එබැවින් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් හෝ ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අලුත් දෙයකට සුදුසු කාලය මේ බව මතක තබා ගන්න. හැබැයි රැකියාවේ අලුත් තීරණ ගැනීමට මේ කාලය සුදුසු කාලයක් නොවන බවත් මතක තබා ගන්න. ස්ථිර ධනයක් තැන්පතුවක් ගොඩනඟා ගැනීමට වෙහෙස මහන්සි වීම අනිවාර්යයෙන් සිදුකළ යුතු සතියක් වේ.
ජය අංක7 අය 7 වැය 9
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය මේ සතියේ නවය දහය එකොළොස්වැන්නේ සිදුවන බැවින් ඔබට පවතින ජන්ම ඒරාෂ්ටක අපල කාලයේ පෙර පින් ඉස්මතු කරගැනීමට හැකියාව පවතින කුසල් වර්ධනය කරගැනීමට හැකියාව පවතින කාලසීමාවක් මේ සතියේදී උදාවී ඇත.
එබැවින් ඔබ කරන කියන කටයුතු හොඳට හිතා මතා සිදුකරනවා නම් වඩාත් සුදුසුය. ගැනීමට බලාපොරොත්තු වන යම් තීරණයක් සිය දහස් වාරයක් මැනවින් සිහි නුවණින් කල්පනා කරන්න. එයට නිවැරදි විසඳුම් ලබා නෝගන්නේ නම් සතිය තුළ ඔබ ගන්නා තීන්දු තීරණ ඔබගේ අනාගතයට, අනාගතයේ පැවැත්මට අසුබදායක වන බව පෙන්නුම් කරයි. ඒ බැවින් යම් තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ හොඳින් සැලකිලිමත් වී තීරණයක් ගන්නවා නම් වඩාත් සුදුසු බව පෙන්නුම් කරේ. අන් අයට උදව් කිරීමට ගොස් තමන්ගේ හොඳ නම කිලිටි කරගැනීමට ඇති හැකියාව වැඩි බැවින් අන් අයගේ ප්‍රශ්නවලට වචනයෙන් පවා උදව් උපකාර නොකරනවානම් වඩාත් සුදුසුයි. ඒ ගැන හොඳින් මතක තබාගෙන අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත්වීමෙන් වැළකී සිටින ලෙස මෙයින් දන්වා සිටීමි
ජය අංකය 9 අය 2 වැය 10
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේකා පාඨමාලා උපදේශක
ආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි
070 720 5517/077 106 6810
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සතියේ ලග්න පලාපල