මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සලකා බලමින් සිටින බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වෙයි.
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා රජයේ වගවීම සහතික කිරීම සහ විපක්ෂයෙන් එල්ල වන පීඩනය හේතුවෙන් එම ඉල්ලා අස්වීමේ තීරණය සලකා බලමින් සිටින බව සඳහන් වෙයි.
මීට පෙර හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ පළමුව ක්‍රියාකළ ආකාරය සහ අවසානයේ ඉවත් වීමට ගත් තීරණය අතර ඇති රික්තය තුළින් මතු වූ ගැටලුකාරී තත්ත්වය ද යම් තීරණයක් ගැනීමට පාදක වනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතාගේ හදිසි සැක කටයුතු මරණය යම් තීරණාත්මක සාධකයක් ගැනීමට හේතු වී ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීම හෝ නොවීම පිළිබඳ අවසන් තීරණය එළඹෙන සතිය තුළ ගැනීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මේ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගෙන් විමසීමක් කළ අතර එම උත්සාහය ව්‍යර්ථ විය. එසේම ජාතික ජන බලවේගයේ ඉහළ තනතුරකින් සිදුකළ විමසීමකදී එවැනි තීරණයක් ගැනීමට හේතුවක් නැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
සිරිමන්ත රත්නසේකර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026