දූෂිතයන්, වංචනිකයන් සහ හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට 2026 වසර පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගය නුවරඑළිය මැයි රැලියේදී පැවසීය.
මෙම මැයි මාසයේදී පුද්ගලයන් දස දෙනකුගේ නඩු අධිකරණය තුළ විභාග වන බවත්, එක් ප්‍රබලයකුගේ නඩුවක් පිළිබඳ තීන්දුවද මෙම මාසයේදී ප්‍රකාශයට පත්වනු ඇති බවත්, ජනාධිපතිතුමා කීය.
දූෂිතයන්ට අමතරව අපරාධකරුවන්, වංචනිකයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයන් හිරේට යමින් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් තවත් නඩු ද විභාග වෙමින් පවතින බවත්, ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, හිටපු ජනාධිපතිගේ බිරිඳ, ජනාධිපතිගේ පුතාද, හිටපු ජනාධිපතිගේ බෑණා ද, ඔහුගේ මස්සිනා ද කියා වෙනසකින් තොරව නීතිය එම සෑම කෙනෙකුගේම ඉදිරියට පැමිණෙන බවද කීය.
රටින් පැනගොස් සිටින අපරාධකරුවන් නැවත රටට ගෙන ඒමට උපරිම උත්සාහ කරන බව කී ජනාධිපතිතුමා ඔවුන් සියල්ලම අධිකරණය හමුවට ගෙනැවිත් රටේ ජනතාව තුළ නීතිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන බවද කියා සිටියේය.
සිරිමන්ත රත්නසේකර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026