පාසල් වෑන් ගාස්තු 12% කින් වැඩි කරනවා
බහාලුම් ප්‍රවාහන ගාස්තු වෙනසක් නෑ
ජුනි මාසයේ තෙල් මිල නැග්ගොත් බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු කියයි
ත්‍රිරෝද ගාස්තු වැඩි කරන්න වෙනවා – ත්‍රිරෝද රියැදුරු සංගමය
92 පෙට්‍රල් – රු. 12 කින්
සුදු ඩීසල් – රු. 10 කින්
95 පෙට්‍රල් – රු. 12 කින්
සුපිරි ඩීසල් – රු. 15 කින්
භූමිතෙල් – රු. 12 කින් ඉහළට
මේ වසරේ හයවන වරටත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙරේදා (02 දා) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගෙන තිබුණි. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල සිව්වතාවක් සංශෝධනය කිරීමේදී සැලකිය යුතු මට්ටමින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුව තිබුණි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම අවසාන දිනයේදී ඉන්ධන මිල සංශෝධනය වීමක් (නොවීමක්) සිදුකරනු ලැබුවත් මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය පෙරේදා (02දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබුණි.
ඛනිජතෙල් සංස්ථාව සියලුම ඉන්ධන මිල සංශෝධනය (වැඩි කිරීමට) කිරීමට පියවර ගෙන තිබුණත් ඊයේ (03 දා) වනවිට සයිනොපැක් සහ ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබුණි.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථා මිල සංශෝධනයට අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 12කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 410කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 12 කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 470 කි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 392 කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 15කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 458 කි. භූමිතෙල් මිල රුපියල් 12කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 265 කි.
මේ ආකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවුවත් නියමාකාරයෙන් මිල වැඩි කිරීමක් සිදුකළේ නම් පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 432.60 ක් ද, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 477.50 ක් ද සුදු ඩීසල් ලීටරයක් රුපියල් 749.70 ක්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 840 ක මිලකට ද අලෙවි කිරීමට සිදුව තිබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා) පැවසීය.
මේ වසරේ 2026 ජනවාරි 06, 2026 පෙබරවාරි 02, 2026 මාර්තු 01, මාර්තු 10, මාර්තු 22 සහ 2026 මැයි 02 මිල සංශෝධනයන් සිදුවී ඇත.
ඉන්ධන මිල වැඩිවීමක් සිදු වුවත් බහාලුම් රථ ප්‍රවාහන ගාස්තුවල මිල වැඩිවීමක් සිදුවන්නේ නැතැයි බහාලුම් රථ ප්‍රවාහකයන්ගේ සංගමයේ ලේකම් නිමල් අමරසේකර මහතා පැවසීය. ඉන්ධන මිල වැඩිවීම සියයට 2.7 ක් බවත් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට නම් ඉන්ධන මිල වැඩිවීම සියයට පහක් (5%) ඉක්මවිය යුතු බවට සංගමය තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීය. ඊළඟ ඉන්ධන ගාස්තු සංශෝධනයේදී සියයට පහ ඉක්ම යෑමක් සිදු වුවහොත් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් ගැන අවධානය යොමු කරන බවත් ඒ මහතා කීය.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා –
“දැන් වැඩිවුණු රුපියල් 10 බස් ගාස්තුවට ගැළපීමක් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි පාඩු පිට තමයි බස් ධාවනය කරන්නෙ. ලබන ජුනි මාසේ ඉන්ධන ගාස්තුව වැඩි කළොත් අපිට බස් ගාස්තු වැඩි කිරීමකට යන්න වෙනවා. අමතර කොටස් මිල එකකට එකක් වැඩියි. මේවා දරාගන්න බැහැ.”
ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා,
“මේ වෙද්දී අපි ත්‍රිරෝද රථ ගාස්තුව වශයෙන් අය කරන්නේ පලමු කිලෝමීටරයට රුපියල් 100 ක්ද දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද වශයෙනි. දැන් ඉන්ධන මිල වැඩිවීමත් එක්ක දෙවැනි කිලෝමීටරයට රුපියල් 90 – 100 දක්වා වැඩි කරන්න කියලා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ත්‍රීවීල් කර්මාන්තය හරි අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ත්‍රිරෝද රථ ගාස්තුව වැඩි නොකළොත් ඇත්තටම මේ කර්මාන්තය පහත තැනටම වැටෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම අපිට දරාගන්න බැහැ.”
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා
“දැන් මේ වසරේ ඉන්ධන ගාස්තුව හතර පාරක් වැඩි වුණා. පෙබරවාරි 28 ඉන්ධන මිල රුපියල් 4 කින් වැඩි කළා. මාර්තු 09 වැනිදා ඉන්ධන මිල රුපියල් 22 කින් වැඩි කළා. මාර්තු 21 වැනිදා ඉන්ධන මිල රුපියල් 79කින් වැඩි කළා. ඊයේ රෑ ආයෙ ඉන්ධන මිල රුපියල් 10 කින් වැඩි කළා. ඊයේ රෑ ඉන්ධන මිල වැඩි කිරීම අතර අනෙක් අවස්ථා තුන සැලකිල්ලට අරන් අපි පාසල් වෑන් රථ ගාස්තුව සියයට 12 කින් වැඩි කරන්න තීරණය කළා. ඒ වගේම ලබන ජුනි ඉන්ධන ගාස්තුව වැඩි කළොත් ඊයේ රාත්‍රි වැඩි වුණු රුපියල් 10ක ඉන්ධන ගාස්තුවත් සැලකිල්ලට අරන් නැවත පාසල් වෑන් ගාස්තු සංශෝධනයකට යෑමට සිදුවෙනවා.
දෙමාපියන්ට මේක දරාගන්න අපහසුයි වගේම පාසල් වෑන් රථ හිමිකරුවන් වන අපටත් මේක දරාගන්න අපහසුයි.
චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026
මේ වසරේ හයවැනි වරටත් තෙල් මිල නගී