අන්තර්ජාල මූල්‍ය වංචා කළ විදේශිකයෝ 157 ක් වලානට මාට්ටු
පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සහ වැලිකඩ පොලිසිය, තලංගම, රාජගිරිය, මැදවැලිකඩ ප්‍රදේශවලදී කළ වැටලීම් දෙකකදී අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරතවූ විදේශිකයන් 157 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරුවලට අනුව සිදු කළ වැටලීම්වලදී මෙම විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
මෙම සැකකරුන් චීනය, වියට්නාමය, තායිලන්තය, නේපාලය, මාලදිවයින ඇතුළු රටවල් 9 කට අයත් පුද්ගලයන් බව පොලිසිය පවසයි.
පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ඇතුළු නිලධාරීන් කළ වැටලීමේදී තලංගම ප්‍රදේශයේ නිවසක සිටි චීන ජාතිකයන් 37 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (02දා) ය.
මෙම චීන ජාතිකයන් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිපාණ මූල්‍ය වංචා සිදුකරමින් සිට ඇති බව පොලිසිය පවසයි.
මොවුන් සතුව තිබී පරිගණක 35 ක්, ජංගම දුරකථන 194 ක්, ටැබ් යන්ත්‍ර 34 ක් සහ සිම්පත් 100 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකාර චීන ජාතිකයන් කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අතර වැලිකඩ පොලිසිය මගින් ඊයේ (3දා) අලුයම රාජගිරිය, මැදවැලිකඩ ප්‍රදේශයේ මහල් නිවාසයක සිදු කළ වැටලීමකදී විදේශිකයන් 120 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
එහි සිටි තවත් විදේශිකයන් පිරිසක් පොලිසියෙන් බේරී පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙම විදේශිකයන් පරිගණක යොදා ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
සැකකරුවන් නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමන්ත රන්දුණු හා නෝමන් පලිහවඩන, කඩුවෙල – සුගත් ප්‍රේමතිලක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026
රටවල් 9 කින් ඇවිත් ලංකාවේ හැංගිලා කෝටි ගණන් මුදල් ගරලා