කෝටි 2ක බඩුත් එක්ක දෙදෙනෙක් අත්අඩංගුවට
ශබ්ද විකාශන (බෆල්) කට්ටලයක් තුළ මත්ද්‍රව්‍ය සඟවා කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වූ වෙළෙඳසලක් වත්තල ප්‍රදේශයේදී පෙරේදා (2දා) වටලා ඇත.
මෙම බෆල් කට්ටල තුළ සඟවා හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 140ක් ද අයිස් කිලෝ එකයි ග්‍රෑම් 14ක් ද හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308 ක් ද මත් කරල් 4910 ක් ද තිබී සොයාගත් බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
කඩ කාමරයක් තුළ ඉතා රහසිගතව සිදු කළ බව කියන මෙම ස්ථානයට විවිධ පුද්ගලයන් නිතර පැමිණීම පිළිබඳව සැකයට ලක්වී ඇත. වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ තිබී රුපියල් එක් ලක්ෂ හතළිස් පන් දහසක මුදලක් ද සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණ
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026
බෆල් ඇතුළේ සඟවාගෙන ගජරාමෙට මත්කුඩු විකුණලා