ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ එවක හිටපු සිවිල් ගුවන් සේවා ඇමැතිවරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මෙම ප්‍රකාශ ලබාදීම සඳහා ලබන 12 වැනිදා දිනය හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ඇමැතිවරයාට ලබාදී ඇති බව වාර්තා වේ.
ඉකුත් 2013 වර්ෂයේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයා බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
හේමන්ත රන්දුණු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026