සහෝදරයා බරපතළ තුවාල ලබා රෝහලේ
වැල්ලවාය මහආරගම සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (03දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මහආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. සදිලි නිපුනිකා (14) නැමති ශිෂ්‍යාවකි.
ඇය වෙහෙරයාය ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසලට සිය සහෝදරයා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා දහම් පාසල් ශිෂ්‍යාව හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ශිෂ්‍යාව මියගොස් තිබේ.
බස් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
කුඩාඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026
සහෝදරයා සමග යතුරුපැදියෙන් දහම් පාසල් ගිය සිසුවිය බස් රථයක ගැටී මරුට