දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
නීති පියවර ගැනීමටත් කටයුතු
පසුගිය 29 දා කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක පාසල් වාර විභාගය පැවැත්වෙමින් තිබියදී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුන්ගේ හිසකෙස් පිළිතුරු පත්‍රය මතට කපා දමමින් දරුවන්ගේ මානසිකත්වය බිඳහෙළමින් කටයුතු කළ පාසලේ විනය භාර ආචාර්යවරියක පිළිබඳව තොරතුරු වාර්තාවී ඇත.
මෙම සිදුවීමෙන් සිසුන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇතැයි දෙමාපියන් කැලණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
මෙම පාසලේ 10 වැනි ශ්‍රේණියේ පංති හතරක් ඇති බවත් මෙම පංති හතරේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් දෙදෙනකු හැර අන් සියලුම සිසුන්ගේ හිසකෙස් මෙලෙස විනය භාර ගුරුවරිය විසින් කපා දමා ඇත. සිසුන් නිවසට පැමිණ දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ගෙන බාබර් සාප්පුවට ගොස් හිසකෙස් නිසි පරිදි කපන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ කරණවෑමියා විමතියට පත්ව අපිළිවෙළට කපාදමා තිබූ හිසකෙස් යළි සකස් කිරීම අපහසු බව පවසා දොස් පවරා ඇතැයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත.
විනය භාර ආචාර්යවරියගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද දෙමාපියන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
කැලණිය – මංගලා මදුරප්පෙරුම
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026