නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් සිදුකළ ආරාධනය සම්බන්ධ තොරතුරු, අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ විධිමත් ලෙස ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත .
රජයේ නීතිඥ සජිත් බණ්ඩාරගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ, 2002 අංක 25 දරන අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ප්‍රකාරව අදාළ තොරතුරු ලබාගැනීමට විධිමත් අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසයි.
මෙම නඩුව මේ සතියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු උපදෙස් ලිපිය අධ්‍යයනය කර ඉදිරි පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන බවයි.
???? Copy Post URL
රනිල්ගේ නඩුව ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්.