වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (04) අලුයම ඇතුළත් කළ බව කටුගස්තොට පොලීසිය පවසයි.
කටුගස්තොට ගොහාගොඩ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේ මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබෙන අතර වෙඩික්කරු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා මහනුවර හන්තාන ගැමුණු මාවතේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ. වෙඩි තැබීම අලුයම 2.30 ත් 3.30 ත් අතර කාලයේදී සිදුව තිබෙන බවට පොලීසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මහනුවර ජාතික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත. පිට ප්‍රදේශයට එල්ල වූ එක් උණ්ඩයකින් ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙදරු පියෙකු වන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අද (04) අලුයම 2.00 ට පමණ රෝහලේ සේවය සඳහා යන බව පවසා නිවසින් පැමිණ තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ. පුද්ගල පහරදීම් කිහිපයක් සම්බන්ධයෙන් මොහු මෙයට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
බෙර වයන්නාගේ දුකට පිහිටවූ කතරගම දෙවියෝ
April 30, 2026