රටේ ජනතාවගේ ජීවිත දශමයකින් හරි පහසු කරන්න පුළුවන්නම් අපි ඒ දේ කරනවා. ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම්සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙනියනවා’ යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම (Online Sheet Booking) පිළිබද දැනුම්වත් කිරීම සදහා බත්තරමුල්ල, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින ( 05 ) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
” දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
බෙර වයන්නාගේ දුකට පිහිටවූ කතරගම දෙවියෝ
April 30, 2026
දුර ගමන් ආසන වෙන් කරගැනීමට වෙබ් අඩවියක්