අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක සිටි පුද්ගලයින් තිදෙනෙකු, හැන්ටාවෛරසය බවට සැක කරන ආසාදනයක් හේතුවෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තහවුරු කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ අර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් වෙත ගමන් කරමින් තිබූ MV Hondius නමැති මගී නෞකාවෙනි.
WHO පවසන්නේ, එක් ආසාදිතයෙකු මේ වනවිට තහවුරු කර ඇති අතර තවත් පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.
හැන්ටාවෛරසය යනු කුමක් ද?
හැන්ටාවෛරසය යනු මීයන් මගින් පැතිරෙන වෛරස වර්ගයක් වන අතර මෙය බොහෝවිට මීයන්ගේ වියළුණු මුත්‍රා, මලපහ හෝ කේඨ වාතයට එක්වීමෙන් මිනිසුන්ට ආසාදනය වේ. කලාතුරකින් අවස්ථාවලදී මීයන් සපා කෑමෙන් හෝ සීරීම් හරහා ද වෛරසය පැතිර යා හැකි බව වාර්තා වනවා.
ඇතිවිය හැකි භයානක රෝග තත්ත්ව
1. හැන්ටාවෛරස පුප්ඵුසීය සින්ඩ්‍රෝමය (HPS)
මෙය මුලින් උණ, තෙහෙට්ටුව, මාංශපේශි වේදනාව වැනි ලක්ෂණවලින් ආරම්භ වෙයි.
ඊට පසුව,
* හිසරදය
* කරකැවිල්ල
* උදර වේදනාව
* සෙම්ප්‍රතිශ්‍යාව
* දරුණු ශ්වසන අපහසුතා
ඇතිවිය හැකි අතර, ශ්වසන රෝග තත්ත්ව දරුණු වුවහොත් මරණ අනුපාතය 38%ක් දක්වා ඉහළ යා හැකි බව ඇමෙරිකානු CDC ආයතනය පවසයි.
2. වෘක්කීය සින්ඩ්‍රෝමය සහිත රක්තපාත උණ (HFRS)
මෙය වකුගඩු වලට දැඩි බලපෑම් ඇති කරන තත්ත්වයකි. අඩු රුධිර පීඩනය, අභ්‍යන්තර රුධිර වහනය සහ වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා තත්ත්වය දරුණු විය හැකිය. ලෝකය පුරා වාර්තා වන ආසාදන සෑම වසරකම ලොව පුරා HFRS රෝගීන් 150,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ චීනය, යුරෝපය සහ ආසියාවෙනි  ඇමෙරිකා එක්සත් ජනපදයේ 1993 සිට 2023 දක්වා කාලයේදී හැන්ටාවෛරස ආසාදිතයන් 890 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ප්‍රතිකාර තිබේ ද?
හැන්ටාවෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් නොමැත.
කෙසේවෙතත්,
* ඔක්සිජන් ප්‍රතිකාර
* ශ්වසන ආධාරක යන්ත්‍ර
* ප්‍රතිවෛරස් ඖෂධ
* රුධිර කාන්දු පෙරීම
වැනි ප්‍රතිකාර ක්‍රම භාවිතා කෙරේ.
දරුණු රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ යුතු විය හැකි අතර, ඇතැම් අවස්ථාවල ශ්වසනාධාර ලබාදීම ද අවශ්‍ය වේ.
වළක්වා ගන්නේ කෙසේ ද?
✔️ නිවෙස් සහ සේවා ස්ථානවල මීයන් ගැවසීම අවම කිරීම
✔️ බිත්ති, බිම් මහල සහ අට්ටාලවල සිදුරු වසා දැමීම
✔️ මීයන්ගේ මලපහ පිරිසිදු කිරීමේදී ආරක්ෂිත ආම්පන්න භාවිතා කිරීම
✔️ දූෂිත වාතය ආශ්වාස කිරීමෙන් වැළකීම
මෑතකදීත් වාර්තා වූ මරණයක්
2025 පෙබරවාරි මාසයේදී ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන්ගේ බිරිඳ වූ බෙට්සි අරකාවා ද හැන්ටාවෛරසයට සම්බන්ධ ශ්වසන රෝගයකින් මියගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. ඇයගේ නිවසේ මී ගුල් සහ මියගිය මීයන් හමු වූ අතර, මරණයට පෙර උණ සහ කොවිඩ් සමාන රෝග ලක්ෂණ පිළිබඳව ඇය අන්තර්ජාලයෙන් සොයාබලා තිබූ බව ද පොලිස් වාර්තා සඳහන් කර තිබෙනවා.
Shares:
Leave a Reply
Cancel reply
Your email address will not be published.
Required fields are marked
*
Save my name, email, and website in this browser for the next time I comment.