මැයි දින නිවාඩු සති අන්තයේ විනෝද ගමනක් ඛේදවාචකයක් බවට පත්වූයේ, මෙක්සිකෝවේ බටහිර නයාරිට් ප්‍රාන්තයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමත් සමඟයි. මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 31 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ජාලිස්කෝ ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කළ මෙම බස් රථය, නයාරිට් හි ඇමට්ලන් ඩි කැනාස් නගරය ආසන්නයේදී අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.
අනතුරට ලක් වූ මගීන් පිරිස නයාරිට් ප්‍රාන්තයේ ජනප්‍රිය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වෙත ගමන් කරමින් සිට ඇති බවද වාර්තා වනවා.
අනතුරෙන් පසු නයාරිට් සහ ජාලිස්කෝ ප්‍රාන්තවල හදිසි සේවා කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වූ අතර, තුවාලකරුවන් බේරා ගැනීම සහ අනතුරට හේතුව සොයා බැලීම සඳහා මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණා.
නයාරිට් රජය විසින් නිකුත් කළ ඡායාරූපවල බස් රථය මඩෙන් වැසී පැත්තකට පෙරළී තිබෙන අයුරු දැක්වෙනවා.
ලතින් ඇමරිකානු කලාපයේ, විශේෂයෙන් මෙක්සිකෝවේ, මහාමාර්ගවල සිදුවන බස් අනතුරු නිතරම ජීවිත හානි රැසක් සිදුකරන ප්‍රධාන ගැටලුවක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
2025 පෙබරවාරි මාසයේදී ද, කැන්කුන් සිට ටබස්කෝ වෙත ගමන් කළ බස් රථයක් ට්‍රේලර් රථයක ගැටී ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා.
එමෙන්ම, පසුගිය සැප්තැම්බර් මාසයේ මධ්‍යම මෙක්සිකෝවේ ද්විත්ව තට්ටු බස් රථයක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් තවත් 10 දෙනෙකු මියගොස් 61 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මගී දුම්රිය සේවා සීමිත මෙක්සිකෝවේ බස් රථ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන අතර, ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජය උතුරු සහ මධ්‍යම මෙක්සිකෝව සම්බන්ධ කරමින් නව මගී දුම්රිය ජාලයක් පුළුල් කිරීමට මේ වන විට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
Tags:
#Mexico #BusAccident #BreakingNews #WorldNews #LatinAmerica #RoadSafety #MexicoNews #SriLankaNews #බස්අනතුර #මෙක්සිකෝව #ලෝකපුවත් #BreakingLK #ViralNews #TrendingNews #WorldUpdate
Shares:
Leave a Reply
Cancel reply
Your email address will not be published.
Required fields are marked
*
Save my name, email, and website in this browser for the next time I comment.