2026 වසරේ වෙසක් පොහොය සහ වෙසක් සතිය සම්බන්ධයෙන් රජය ගත් නව තීරණය මේ වන විට රට පුරා විශාල සංවාදයකට තුඩු දී තිබෙනවා. මුල් දින දර්ශනය අනුව මැයි 1 වන දාට යෙදී තිබූ වෙසක් පොහොය, “විසා නැකත” නොයෙදීම හේතුවෙන් මැයි 30 දක්වා කල්දැමීමට රජය පියවර ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් සහ ආගමික සම්ප්‍රදායන් සැලකිල්ලට ගනිමින් බව සඳහන් වනවා.
“විසා නැකත” සහ වෙසක් දිනය වෙනස් වීම
බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම “විසා නැකත” යටතේ සිදුව ඇති බව පෙන්වා දෙමින්, මහානායක හිමිවරුන් 2025 දෙසැම්බර් 20 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබුණා.
ඒ අනුව, මැයි 1 දින එම නැකත නොයෙදෙන බැවින්, අධිපොසොන් පොහොය ලෙස නම් කර තිබූ මැයි 30 දින වෙසක් පොහොය ලෙස නම් කිරීම සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.
පසුව කැබිනට් අනුමැතිය ද ලබාදී, 2026 මැයි 27 සිට ජූනි 2 දක්වා නිල වශයෙන් “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙසක් සතිය තුළ හජ්ජි සැමරුමත්
නමුත් නව වෙසක් සතියට ඇතුළත් මැයි 28 වන දින හජ්ජි උත්සවය ද යෙදී තිබීම නිසා මුස්ලිම් ප්‍රජාව තුළ නව කතිකාවක් මතුව තිබෙනවා.
විශේෂයෙන් හජ්ජි උත්සවයට අදාළ කුර්බාන් පූජා සහ ආගමික චාරිත්‍ර, වෙසක් සතියේ සීමා කිරීම් සමඟ ගැටීමේ හැකියාව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ අදහස් පළ වෙමින් පවතිනවා.
මාධ්‍යවේදිනියක වන මුන්සා මුෂ්ටාක් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අර්ෂාඩ් කාදර් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ආගමික අයිතිවාසිකම් සහ සංවේදීභාවය පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කර තිබෙනවා.
රජය කියන්නේ මොකක් ද?
ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් පවසන්නේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය ඉතා සංවේදීව කටයුතු කරන බවයි.
ඔහු සඳහන් කළේ, වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික සීමා කිරීම් සහ හජ්ජි චාරිත්‍ර අතර ගැටුමක් ඇති නොවන ලෙස අදාළ චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීමට සාකච්ඡා සිදුවන බවයි.
එමෙන්ම, ආගමික සහජීවනය සහ එකිනෙකාගේ සංස්කෘතික වටිනාකම් ගෞරවයෙන් සැලකීම සියලු ප්‍රජාවන්ගේ වගකීමක් බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
ආගමික සහජීවනයට නව පරීක්ෂාවක්?
වෙසක් සතිය සහ හජ්ජි සැමරුම එකම කාලසීමාවකට යෙදීම, ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය පිළිබඳ නැවතත් සමාජ සංවාදයක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී රජය ගන්නා තීරණ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
Tags:
#Vesak2026 #Hajj2026 #SriLanka #BreakingNews #VesakWeek #ReligiousHarmony #LKA #SriLankaNews #වෙසක්2026 #හජ්ජි #ආගමිකසහජීවනය #BreakingLK #TrendingNews #ViralLK #SriLankaUpdates
Shares:
Leave a Reply
Cancel reply
Your email address will not be published.
Required fields are marked
*
Save my name, email, and website in this browser for the next time I comment.