දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ජනතාව වැඩි අවධානයෙන් සිටිය යුතු බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වනවා. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට අමතරව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද කෙටි වැසි තත්ත්වයන් ඇතිවිය හැකියි.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ පවසා තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව සැලකිලිමත් විය යුතු බව ද බලධාරීන් අවධාරණය කර තිබෙනවා.
Tags:
#SriLankaWeather #WeatherAlert #RainAlert #LKA #GossipLK #BreakingNews #ClimateUpdate #SriLanka #අද_කාලගුණය #වැසි #ගිගුරුම්සහිතවැසි #කාලගුණඅවවාදය #ලංකාව #WeatherNews #ViralLK
Shares:
Leave a Reply
Cancel reply
Your email address will not be published.
Required fields are marked
*
Save my name, email, and website in this browser for the next time I comment.
අද දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් - Lanka HIT News