Advertisements
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් පර්යන්තයකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්
May 4, 2026
0 Comments
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා ඛනිජ තෙල් කර්මාන්ත කලාපයේ පිහිටි තෙල් පර්යන්තයක දැවැන්ත ගින්නක්‌ හටගෙන ඇත.
ප්‍රහාරයත් සමඟ හටගත් ගින්න පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ ගිනි නිවන ඒකක සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී ඇත.
මේ අතර ඉරානයේ සිට මෙරට ඉලක්ක කර එල්ල වූ තවත් මිසයිල ප්‍රහාර කිහිපයක් සහ ඩ්‍රෝන යානා එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා මේ වන විටත් දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති අතර තෙල් පර්යන්තයට සිදුවූ අලාභ හානිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements