Advertisements
ශ්‍රී ලංකා – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්
May 4, 2026
0 Comments
දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි.
ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අද (04) දින පෙරවරුවේ පැවැත්වුණි.
රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බවයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ශ්‍රී ලංකා - මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්