{'text': 'මියගිය සංඛ්යාව 21 දක්වා ඉහළට 61කට තුවාල'}
{'text': 'චීනයේ Hunan පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.'}
{'text': 'මෙම අනතුර සිදුව ඇත්තේ ගිනිකෙළි නිෂ්පාදන සඳහා ප්රසිද්ධ Changsha නගරයේ පිහිටි “හුවාෂෙං” ගිනිකෙළි නිෂ්පාදන හා ප්රදර්ශන සමාගම තුලයි.'}
{'text': 'සඳුදා සවස 4.40ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පසු, විශාල දුමාර, කඩා වැටුණු ගොඩනැගිලි, සහ සුන්බුන් විසිරී ගිය දර්ශන චීන සමාජ මාධ්ය පුරා වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.'}
{'text': 'ගිනි නිවන භටයින්, වෛද්ය කණ්ඩායම්, සහ ගලවා ගැනීමේ නිලධාරීන් 500කට ආසන්න පිරිසක් හදිසි මෙහෙයුම් සඳහා යොදවා තිබුණා.'}
{'text': 'චීන ජනාධිපති Xi Jinping මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.'}
{'text': 'ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ප්රධාන කර්මාන්තවල ආරක්ෂක පරීක්ෂණ, අවදානම් පාලනය, සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවයි.'}
{'text': 'වාර්තා අනුව, පසුගිය වසරේ පමණක් චීනය ඩොලර් බිලියන 1.14ක ගිනිකෙළි අපනයනය කර ඇති අතර, එය ලෝක ගිනිකෙළි වෙළඳපොළෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්රමාණයක් බව සඳහන් වනවා.'}
{'text': 'මෙම සිදුවීම, කාර්මික ආරක්ෂාව සහ හදිසි ආපදා ප්රතිචාර පද්ධති පිළිබඳ ගැඹුරු ප්රශ්න නැවතත් මතුකර තිබෙනවා.'}