{'text': 'දිවයින පුරා ක්රියාත්මක වන සියලුම පෙර පාසල් මෙම වසරේ ජූලි 1 වන දිනට පෙර අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි මහත්මිය ප්රකාශ කර තිබෙනවා.'}

{'text': 'ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අනාගතයේදී නව පෙර පාසලක් ආරම්භ කිරීමට පෙර නිල ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන බවයි.'}

{'text': 'මෙම ප්රකාශය සිදුකර ඇත්තේ,මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති පෙර පාසල් අධ්යාපන වැඩසටහන් සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනුයි.'}

{'text': 'ළමුන්ගේ ආරක්ෂාව, ගුණාත්මක අධ්යාපනය සහ නිසි නියාමනය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා.'}

{'text': 'පෙර පාසල් පවත්වාගෙන යන සියලු දෙනාට නියමිත කාලසීමාවට පෙර ලියාපදිංචිය සම්පූර්ණ කර නීතිමය ගැටලු වලින් වැළකී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.'}